ප්‍රධානතම අමාත්‍යාංශයක් වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තුවක් ලෙස ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා සමාජයීය ප්‍රගතිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය, සැලසුම් හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටී. අනෙකුත් ආයතනයන්ගේ ආංශික හෝ ප්‍රාදේශීය දෘෂ්ඨිකෝණයෙන් වෙනස් ව මෙම දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික මට්ටමේ දැක්මකින් යුතුව කටයුතු කරනු ලබයි. මහා භාණ්ඩාගාරයේ දෙපාර්තමේන්තු සමග සමීපව කටයුතු කිරීමට හැකි වන පරිදි මෙම දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ස්ථාපනය කර ඇත

දැක්ම

දැයේ සංවර්ධනයට අවශ්‍ය උපදේශනය හා පහසුකම් සපයන්නා වීම.

මෙහෙවර

ඉහළ මට්ටමේ ක්‍රමසම්පාදන වෘත්තිකත්වයක් පවත්වා ගැනීම හා ක්‍රමසම්පාදන නිපුණතා යාවත්කාලීනව අන්තර්ජාතික මට්ටමට ගෙන ඒම හරහා සංවර්ධන ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සඳහා වඩාත් සැලසුම්සහගත ප්‍රවේශයක් අනුගමනය කිරීම තුලින් රටේ සීමිත සම්පත් ප්‍රශස්ත අයුරින් යොදා ගැනීම.

ප්‍රධාන කාර්යයන්

  • ජාතික හා ආංශික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා සහාය වීම
  • මධ්‍ය කාලීන අයවැය රාමුව සකස් කිරීම:  රාජ්‍ය ආයෝජන වැඩසටහන
  • ව්‍යාපෘති ඇගයීම
  • අමාත්‍ය මණ්ඩල සංදේශ සදහා නිරීක්ෂණ සැපයීම
  • ආංශික ප්‍රවේශය ගොඩනැංවීම සඳහා මූලිකත්වය ගැනීම: ව්‍යාපෘති පෙළගැස්ම
  • සැලසුම් මාර්ගෝපදේශ සැකසීම
  • උප ජාතික මට්ටමේ සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ සැපසීම
  • විමධ්‍යගත මූලධන අයවැය
  • විශේෂ පැවරුම්
  • කාර්යමණ්ඩල ධාරිතා සංවර්ධන
  • පොදු පරිපාලනය