සසෙක් වෙළඳ පහසුකම් සැලසීම හා ප්‍රවාහන ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම 2017 පෙබරවාරි 07 සහ 08 දෙදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පවත්වන ලදී.


 

 

 

 

 

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රවාහන සහ වෙළඳ පහසුකම් සැලසීමේ සසෙක් ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම, සසෙක් දැක්ම පිළබඳව සකිච්ඡා කිරීම හා අනුමත කිරීම සහ සසෙක් ක්‍රියාත්මක සැලැස්ම (2016-2025) යාවත්කාලීන කිරීම සඳහා සසෙක් වෙළඳ පහසුකම් සැලසීම හා ප්‍රවාහන ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම 2017 පෙබරවාරි 07 සහ 08 දෙදින කොළඹ දී පවත්වන ලදී. මෙම රැස්වීම සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව යන රටවල නියෝජිතයින් සහ ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යමණ්ඩලය හා උපදේශකවරුන් සහභාගි වන ලදී. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකාවේ සසෙක් ප්‍රධානී විසින් රැස්වීමේ සභාපතිත්වය දරන ලද අතර, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හුන් කිම් මහතා රැස්වීමේ සම සභාපතිත්වය දරන ලදී. ආරම්භක සැසියේ ආරාධිත අමුත්තා වූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා සමාරම්භක දේශනය පවත්වන ලදී. මෙහිදී ගරු රාජ්‍ය අමාත්‍යතුමා විසින් ගෝලීයආර්ථික වර්ධනයේ වෙනස්කම් හා එහි බලපෑම ආසියාව වෙත යොමු වීම හා සසෙක් හවුල්කාරිත්වයට ලැබෙන අවස්ථාවන් මගින් සියලු සමාජිකයන්හට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්වීම පිළිබඳව සඳහන් කරන ලදී. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්.රෆීක් මහතා සහ හුන් කිම් මහතා විසින් පිළිගැනීමේ කතාව හා ආරම්භක දේශනය පවත්වන ලදී.